"ශාන්තිනී"
සිලි සිලියේ නැලවෙන බෝ පහස අතු අතර
හැඩට ගලන කල්‍යනියේ දිය වර අතරමග
සුදු තෙද බල සමන් දෙවි අඩවි තල
රණ මයුර පියාපත් වියන් සෙල්ල කතර ගං තෙර
මෙහෙන් එහෙට
එහෙන් මෙහෙට
ආදරයේ තතු ගොතාගෙන
ශාන්තිනී
වරක් , සිය දහස් වරක්
සිත් දෙපයින් ගෑටුවේ ඔය හැම තැනකම
යනෙන ගමං මටත් කීවා රහසින්
ඔය හිත අහසේ උණුසුම ගැන
වෛරයේ ගිනි පතරොම් ඊතල
සිදුරු කලා ඇගේ සුකොමල වත
හමුවුනේ මට පසු දවසක කලපුවේ පාවෙන
ඈ ගත දැවටු රතු යාර හය
ශාන්තිනී කලපුව යට නිදයි පැරුණු හිතක් ඇතිව
ලුනු රහට වත් සුව වෙයිද ඒ දරුණු තුවාලය
හරියටම තැන බලන්න යන්න මූද මැද තියෙන
රතු වද මල් ගහ ගාවට
ඇගේ නළලතේ රතු තිලකෙන් පාට උන
කරදියේ පාවෙන මල් අහුලන්න .....
තිලක්ෂිණි රත්නායක
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.