Bird's Hand
අහසට නෙත්සර යොමාඅදිසි සඳ සැර ඇත දරා
විශ්වයේ තාලයට සවන් සුසර කර
තබා සකුන සලකුණ කඳු මුදුනත
නාදුනන මුහුණු වල හදගැස්ම හඳුනන
නුහුරු බසින් පුරුදු කවි ලියන
හස්තය ඔබේ අහසට දිගු කල
හරි ළඟයි සඳ මෝදු වන කණිසමට
සීතල දිය ඇලි ලෙලවා
ලපටි දළු නාරටි හැඩ හඳුනා
ඇගේ තොළඟ ස්නේහයේ රස බින්දු කලතා
සිනිදු කෙහෙරැල් ගිනියම් පහස දන්නා
අතැඟිලි ....
ඔහේ නිවෙනවා මීදුම් දුමාරයේ රිංගා
දයාවෙන් දනන් වෙත දිග අරවා
ප්‍රේමයෙන් අගේ නෙත් උරපතේ සතපවා
ජීවිතය ලියා දී නැති අත්ල විදහා
ගයා සකුන මියැසිය ලොව පතුරා
හමුවෙන මොහොත තරු දුවිලි මැද කඳු මුදුනත
තබා අත්ල එකිනෙක සමමිතිකව
සිතුම් සුසුම් හද ගීත අහගෙන
අතරමන් වෙමු සඳ කිරණ ගොන්නක ...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.