Friday, March 29, 2019

Father from North

"ඔන්ගඩ තාත්තා..?? "
ඔහු ඇහුවේ එහෙමයි..
"එයා නැති වෙලා"
මං කිව්වෙ එහෙමයි..
"මැරිලද??"
"ඔව්.."
ජීවිතයෙ කෙදිනකවත් නොදුටු නොහඳුනන ඒ සිංහල තාත්තා ගැන මටත් වඩා සංවේගයක් හද දල්වා ගත් ඔහු මට පසුදින තම ආදරණීය බිරිඳ ද දක්වමින් යන්තමින් අහුලාගත් සිංහලෙන් රහසින් කීවේ
"මම තාත්තා වෙගෙ.. මේ අම්මා තමයි සරි.. ඔයා දූ වෙගෙ තමයි අපේ..."
 දින දෙකක් පුරා ආදරණීය ශ්‍රී ලංකා රෑගත කිරීම් වලට නොමද සහයක් දෙමින් අපිව ආදරයෙන් තම නිවසට පිළිගත් මුලතිව් දිස්ත්‍රික්කයෙ කුමලමුනෛ වාසය කරන තංගරාජා අන්නා යුද්දය නිසා ජිවිතෙ බොහෝ කාලයක් දුක් විඳ ඇත. තම පවුලේ අයගෙන් ඈත්ව බොහෝ කලක් සිටි ඔහු දැන් තම ආදරණීයන් සමග ජීවත් වෙයි. ඔහුත් පවුලේ අයත් අපව පිළිගත්තෙ පවුලෙ සාමාජිකයන් වෙගෙ.
 ඒ පෙන්වූ මනුශ්‍යත්වය හරිම ආදරණීයයි.
දෙමළ සිංහල වචන මුලතිව් වා තලයේ හරි අපූරැවට ගැලපුනා. අපිට අපිව හොඳින්ම දැනුනා. වටහා ගත්තා..
අවසානෙ ඔවුන් ගෙන් සමු අරං එන මොහොතේ ඒ හදවත් වල කැකෑරැන සෙනෙහස සහෝදරත්වයේ වැළඳ ගැනීම් බවට පෙ⁣රලුනා. 
ඒ ඇස් වල අපි දැක්කෙ ඔවුන්ගෙ මුනුසත් බවේ උතුම් කම පමණයි..
ඒ සෙනෙහස අපේ හදවත් සුවපත් කලා. අපේ දෙනෙත් කඳුලින් බර කරා..
අම්මාටත් අප්පාටත් "පොයිට්ටු වාරේන්" කියා අපි සමු ගත්තා..
මේ එක සිදුවීමක් පමණයි. මුලතිව් දිස්ත්‍රික්කය පුරා අපේ සංචාරයෙ මුණ ගැහුණු හැම කෙනෙක්ගෙම ⁣ගෙදරට ආරාධනා ලැබුණා. ඒ හැම තැනකම තේ රස බලමින් අපි කතා කරා.. 
" ⁣⁣මෙච්චරයි අපිට ඕනා.."

ඒ හැමෝම එහෙම කිව්වා.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.