Friday, March 29, 2019

ගම්භාර දෙයියෝ

කඩුව හෙල්ලය පළිහ තෝමර දුන්න ඊතල අභිබවා
ඔය ශ්‍රී නෙත් සඟල මා රිදෙව්වා හැඬෙව්වා
අචල මනු හද මගෙ කිතිකසසලවා
ගුණැති ගම්භාර දෙවියනි මට සිරිසෙත ලැබදේවා

හිස හැඩපලු දහතුනෙකි ඒ හන්දා බදන්න බැරි
ශ්‍රී මුඛ වට සර්පයෙකි ඒ හෙයින් විස වදන් ඇති
ධවල තුරඟ යාත්‍රා මට ඔරොත්තු දෙන්නැති
සුරත දරන වඩිග කඩුව මට හිමි නොවෙන්න ඇති

කවුලු දොරක් ඇරලා හනිකට අඩමානෙට
පහනක් දල්වා ස්තෝත්‍ර කියනා හැටියට
වඩින්න සුරිඳුනි ගම්භාර 
ආරාධනා මෙසේය රැය පහන් වන තුරාවට
දිවසලු නීල ඇඟ වට දවටා
ගෙල බැදි නාග මාලයෙ කිංකිනි හඬ නංවා
බුරැ බුරැ තාලෙට හුස්ම හඬවා
වඩින්න යහපති මංගල නමෝ නමා

ඇස්වහ කටවහ හදි හූනියම් බල දුරැ වෙන්නයි
ආත්මාර්ථ ප්‍රේත දෝස කුඩු වෙන්නයි
මෙලොව නැති සැප ⁣ඔබෙ ලෝකයේ ලැබගන්නයි
ශ්‍රී සිද්ධ සූනියම් ගම්භාර මුත්තේ මා ඔබෙ වෙන්නයි..

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.